Sathosa

Nov 27, 2018

'අගමැතිගේ වියදම් කපන යෝජනාව විවාදයට ගන්න බෑ'' - මහින්ද පාර්ශවය කියයි

අගමැති හා කැබිනට් මණ්ඩලය සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවිය යුතු බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව විවාදයට නොගන්නා ලෙස පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී ඉල්ලා සිටීමට මහින්ද පාර්ශවය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති හෙයින් අධිකරණයේ නඩුවක් පවතිද්දී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාද පැවැත්වීම සිදු කළ නොහැකිය යන කරුණ මත මත එම ඉල්ලීම කිරීමට යයි.

කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති බව විශ්වාස භංගය හරහා තහවුරු වී ඇති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස 'කෝ වොරෝන්ටෝ' ආඥාවක් ඉල්ලා එම නඩුව පවරා ඇත.

අදාළ පෙත්සම නොවැම්බර් 30 වන දින සහ දෙසැම්බර් 03 වැනි දින සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය ඊයේ (26) නිවේදනය කළේය.

'නීත්‍යනුකූල ආණ්ඩුවක් නොවේ'

කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ මේ මොහොතේ රටේ ආණ්ඩුවක් නොමැති බැවින් අගමැතිට හා කැබිනට් මණ්ඩලයට මුදල් වෙන් කිරීමේ හැකියාවක් නොමැති බවය.

ස්ථාවර නියෝගවලට අනුකූලව පාර්ලිමේන්තුවේදී සම්මත කළ විශ්වාසභංග යෝජනා දෙකම සම්මත වූ බවත් එවැනිම යෝජනා තවත් ඉදිරියේදී ගෙන ඒමට නියමිත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව අටවාගත් එකක් මිස නීත්‍යනුකූල ආණ්ඩුවක් නොවන බවට තහවුරුව ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top