Sathosa

Nov 27, 2018

'උසාවියේදී ඇත්ත කියනවා' - අද්මිරාල් රවීන්ද්‍ර කියයි

වගකිවයුතු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ලෙස තමා හිතාමතා වැරදි කර නැතැයිද අධිකරණය හමුවේ සත්‍ය ප්‍රකාශ කරන බවද ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා පැවසීය.

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු වන නේවි සම්පත් නමැත්තාට රටින් පැන යාමට උදව් කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් කළ විමසීමකදී අද්මිරාල් විඡේගුණරත්න මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අද්මිරාල්වරයා කියා සිටියේ තම සේවා කාලය තුළ තමන් හිතමතා කිසිදු වැරැද්දක්‌ හෝ නීති විරෝධි ක්‍රියාවක්‌ කර නැති බවයි.

තමන් දන්නා සියලු තොරතුරු අධිකරණය හමුවේ හෙළි කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top