Sathosa

"මේ සිරිසේන මහත්තයා හරි තීරණයක් ගත්තෙ නැති නිසා මේ රට සම්පූර්ණයෙන් ඉවරයි." - කුමාර වෙල්ගම  "මේ සිරිසේන මහත්තයා හරි තීරණයක් ගත්තෙ නැති නිසා මේ රට සම්පූර්ණයෙන් ඉවරයි." - කුමාර වෙල්ගම 
Nov 28, 2018

"සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට විනාශ වෙනවා" - කුමාර වෙල්ගම Featured

"සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕනේ." යයි ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් කළුතර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.


ඔහු මෙසේ පැවසුවේ ඊයේ (27) පාර්ලිමේන්තු සැසියට සහභාගි නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තීරණය කිරීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට  ප්‍රකාශ කළ බව ද වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

"පිළිගන්න නොපිළිගන්න එක මම දන්නෙ නෑ. නමුත් මම මගේ අදහස කියල තියෙන්නේ."

"මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්, මුළු රටටම. මුළු රටම ඉවරයිනේ?" ඔහු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැතිව "නටන නාඩගම"ට තමන් අකමැති බව ද කුමාර වෙල්ගම පැවසීය.
AnuraYapa 670px 11 11 18
"මහජනයා අතරට යාම හොඳම විසඳුමයි" - අනුර යාපා 

කතානායක කරු ජයසූරිය මහතා ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සැසිය ආරම්භ වූ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළකරමින් සභාගැබට පැමිණීමෙන් වැළකී සිටියහ.

ව්‍යවස්ථාමය වශයෙන් "ලොකු අර්බුදයක්" ඇතිවී තිබෙන බවත් පාර්ලිමේන්තුව තුළ මේ තත්ත්වය විසඳාගත නොහැකි නම්, "මහජනයා අතරට යාම හොඳම විසඳුම," බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා බීබීසී සිංහල සේවයට පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාම මේ අවස්ථාවේ හැටියට සුදුසු බව තමන්ගේ "පෞද්ගලික විශ්වාසය" බව අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ අතර, තමන් කතානායක ධූරයේ කටයුතු කළේ නම් අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුව රැස් නොකිරීමට කටයුතු කරන බව හිටපු කතානායකවරයෙකු වනපාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවය සමග සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.
RauffHakeem 670px 04 04 18'අගමැති සහ ඇමතිවරුන්' ලෙසින් හැඳින්වීම වරප්‍රසාද ප්‍රශ්නයක් - රවුෆ් හකීම් 

පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමින් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් සමම්තවී ඇති අවස්ථාවක ජනමාධ්‍ය විසින් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය 'අගමැති සහ ඇමතිවරුන්' ලෙසින් හැඳින්වීම ගැන පරීක්ෂණයක් කළ යුතු බවය. 

මෙලෙස එම තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ අතර කතානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්, නොවැම්බර් මස 14, 15, 16, 19, 21 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග වලට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව සිදු නොවූ බැවින්, එම දිනවල පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top