Nov 28, 2018

අලුත්ම 10 කාසිය

ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 10 සමරු කාසියක් නිකුත් කර තිබේ.

මෙසේ නිකුත් කළ පළමු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පිළිගන්වනු ලැබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ඊට එක්විය.

මෙම කාසියයෙන් කාසි 5,000,000 නිකුත් කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙම කාසි වල වටිනාකම රුපියල් මිලියන 50 ක් හෙවත් කෝටි 5 කි.

image 203de001ee

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top