Nov 28, 2018

CDS ගේ ගෝලයෝ නිදහස් කරගන්න DIG කෙනෙක් මැදි වෙයි !

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඡායාරූප ගැනීමට බාධාකරමින් ද මොර්නින් හා අරුණ ඡායාරූප ශිල්පී ඉන්දික හඳුවෙල ට පහරදුන් පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් නොකොට මුදා ගැනීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයකු උත්සාහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ පුද්ගලයන් දෙදෙනා ඡායාරූප ශිල්පී ඉන්දිකට, විජේගුණරත්න මහතාගේ ඡායාරූප ගැනීමට බාධාකාරමින් පහර දුන් අවස්ථාවේදී අධිකරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙසේ අත්අඩංගුවට පත් දෙදෙනා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු බවට ද මේ වන විට සැකයක් මතුව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top