Sathosa

Nov 29, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය හකුලා ගනී ! Featured

ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කර තිබු ගැසට් නිවේදනය ඊට අදාල නඩු විභාගයට පෙර ආපසු කැඳවීමට ඔහු විසින් තීරණය කර ඇතයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව එම ආපසු කැඳවීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 04දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

පාර්ලිමේන්තුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරීම නිසා, ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යාවස්ථාවට එකග වේද යන්න විමසමින් එය පිළිනොගත් පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය අත්හිටුවමින් මේවනවිට අතුරු තහනම් නියෝගයක් ලබාගෙන ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට එරෙහිව විරුද්ධ පක්ෂ ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම් පිළිබඳ විභාගය දෙසැම්බර් මස මුල් සතියේදී සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කිරීමට නියමිතව තිබේ.

එස්.බී. කියපු කතාව :

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජික, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පසුගිය 22දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ, ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමේ අදහස ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඔහුට අවලංගු කළ හැකි බව ද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වන බව පැවසු දිසානායක මහතා, වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල බහුතරය ඇති නිසා නව කථානායකවරයෙකු පත්කර ගනිමින් 2020 ඔක්තෝබර් මාසය වන තෙක් ආණ්ඩුව ගෙන යන බව ද එහිදී සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්වෙන බවත් ඉන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් කී ඔහු සම්පූර්ණ නිල කාලයම වත්මන් පාර්ලිමේන්තුව ගෙන යන බවද කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top