ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස නම් කල මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අද උදැසන 9.00ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ PH වාට්ටුවට ගොස් සම්පත් විදානපතිරණ සමග විනාඩි 20කට වැඩි කාලයක් කතාබහ කරමින් සිටිබව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
සම්පත් විදානපතිරණ නැමැත්තා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම හිතවතකු ලෙස ප්රකටය. මහින්ද රාජපක්ෂ මහතා සම්පත් විදානපතිරණ බැලීමට ගොස් ඇත්තේ රිමාන්ඩ් භාරයට පත්කර සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ දුක සැප විමසා බැලීමට ගිය අවස්ථාවේදීය.