Sathosa

Dec 01, 2018

පොට්ටුඅම්මාන් නොමල බව කරුණා කියයි ! Featured

එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානි ෂම්මුගලිංගම් ශිවසංකර් නොහොත් ‍පොට්ටු අම්මාන් අවසන් සටනේදී මිය නොගිය බවත්, ඔහු නෝර්වේ රාජ්‍යයේ මේ වනවිටත් සැඟවී සිටින බවත් විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පවසා තිබේ.

කරුණා අම්මාන් “රිවිර” පුවත් පතට මේ කරුණු දැක්වීම කර ඇත.

මඩකළපුව වවුනතිව් මාර්ග බාධකයේ සේවයේ නියුතුව සිටි ‍පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනයද එල්.ටී.ටී.ඊ යේ යළි පිබිදීමේ වැඩපිළිවෙළ ඔස්සේ හිටපු කොටි සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව කරුණා අම්මාන් එම හෙළිදරව්ව කරමින් පවසා තිබේ.

‍පොට්ටු අම්මාන් ඉතා රහසිගත අයුරින් නෝර්වේ රාජ්‍යයේ සැඟවී සිටිනවා. ඒ විතරක් නමෛයි පසුගිය යහපාලන ආණ්ඩුව රටේ ආරක්ෂක බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. හමුදාව හෑල්ලුවට ගත්තා. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒ නිසා එල්.ටී.ටී.ඊ ය යළි නැගිටීම සිදුවෙනවා නම් අහන්නත් දෙයක්ද ? එල්.ටී.ටී.ඊ.ය මේ රටින් තුරන් කරන්න මමත් දායක වුණා යැයි කරුණා අම්මාන් පැවසූ බව රමේෂ් වරල්ලෙගම සටහන් කර ඇත.

ෂම්මුගලිංගම් ශිවසංකර් නොහොත් කොටි බුද්ධි අංශ මහ මොළකරුව සිටි පොට්ටු අම්මාන් 2009 මැයි 18 වැනිදා අවසන් සටනේදී පුදිකුඩිඉරිප්පු නන්දිකඩාල් ප්‍රදේශයේදීම මරුමුවට පත්වු බව කියැවිණි.

නමුත් ඔහු මරුමුවට පත් වූ බවට සාක්ෂියක් වශයෙන් මළ සිරුර හමු නොවීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ දිගුවෙමින් පවතින නොවිසඳුණු පැනයක් පවතියි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ ප්‍රධානියා වූ නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයාගනු හඳුනාගනු ලැබුවේද වේලුපිල්ලේ ප්‍රභාකරන් විසිනි.

‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවට මෙයට පෙර විවිධ වාර්තා පළ වුවද එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු විසින්ම ‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවට මෙසේ හෙළිදරව් කරනු ලැබුවේ පළමු වතාවටය.

2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ ය යළි පිබිදීමට උත්සාහ කළ අවස්ථා හතරක් පමණ වාර්තා වු අතර එම සියලු මෙහෙයුම් විදෙස් රටවල්වල සිට නොකඩවා මෙහෙයවා තිබූ බව ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කළ බවත් රිවිර කියයි.

මහින්දගේ ඇමති කරුණා

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේදී පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි ඔහුට රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක්ද දැරීය.

යහ පාලනයෙන් හිරේයාම

මේ අතර, රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා අත්අඩංගුවට පත්වූ අතර අදාළ නඩුව තවමත් විභාග වෙමින් පවතී.

KarunaAPottu0 670px 18 12 01

KarunaAPottu1 670px 18 12 01

KarunaAPottu2 670px 18 12 01

KarunaAPottu3 670px 18 12 01

දැන් රිවිර අභයාරාමයේ

පසුගිය සමයේ නොයෙක් අලකලංචි හමුවේ මුද්‍රණය කරන ලද රිවිර පුවත්පතේ කර්තෘ මණ්ඩලය මේවන විට සිය කාර්යන් සිදුකරනු ලබන්නේ නාරාහෙන්ට අභයාරාම විහාරයේ පිහිටි ගොඩනැගිල්ලක සිටය.

රාජපක්ෂ මහතා පරාජයවීමෙන් පසුව ඔහුගේ දේශපාලන ගමනට සහය දක්වනු ලැබුවේද, ඔහුගේ දේශපාලන ව්‍යාපාර වැඩි කොටසක් පවත්වාගෙන යනු ලැබුවේද නාරාහාන්පිට අභයාරාමයේ සිට බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top