Sathosa

Dec 02, 2018

එජාපෙ අදත් ජනපති හමුවේ : අගමැති කව්දැයි TNA ට කියයි Featured

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර හමුවක් අද (02) පස්වරුවේදී ද සිදුවීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පසුගියදා දෙපාර්ශවය අතර සිදුවූ සාකච්ජාවේදී ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉදිරිදින කිහිපය තුල කටයුතු කල යුතු ආකාරය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිතබව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර අගමැතිවරයා වශයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යලිත් නම් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය විසින් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

එක්සත් ජාතික පෙරමුණේ සභාපති කබීර් හෂීම් මහතා විසින් ඊයේ (01) විපක්ෂනායකවරයා වෙත අදාල ලිපිය යොමු කර ඇත.

එක්සත් ජාතික පක්ෂය විසින් විපක්ෂ නායකවරයා වෙතඑසේ දැනුම්දීමක් කර ඇත්තේ, එක්සත් ජාතික පෙරමුණ විසින් නම්කරනු ලබන පුද්ගලයකු අගමැති ධුරයට පත් කිරීමට සහාය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය (TNA ) ජනාධිපතිවරයා වෙත පසුගිය සතියේ නිල වශයෙන් දැනුම් දී තිබීම නිසාය.


Nominee unp

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top