Sathosa

Dec 02, 2018

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අද රෑ අවලංගුයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අද (දෙවැනිදා) මධ්‍යම රාත්‍රීයේදී යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු විභාගය දෙසැම්බර් මස තුන්වැනිදා ආරම්භවීමට නියමිත හෙයින් ඊට පෙර අදාළ ගැසට් නිවේදනය අහෝසි කරනු හෝ යළි කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

( ඉරිදා දිවයින)


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top