එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායකයන් විසින් සිය අගමැතිවරයා වශයෙන් රනිල් වික්රමසිංහ මහතා පත්කරීමට තීරණය කළ බව මෙහිදී ජනපතිවරයාට සඳහන් කර ඇති අතර ජනපතිවරයා අගමැතිධුරය රනිල් වික්රමසිංහ මහතාට ලබාදීම ප්රතික්ෂේප කරමින් ඉහත අදහස් දක්වා ඇත.
ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
" අපි එතුමට කිව්වා පාර්ලිමේන්තුවේ බහුතරය අති රනිල් වික්රමසිංහ මහතා අගමැති කරන් කියලා. ජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි" යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනපති හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැසීය.
(අද)
---------------------------------------
Last Update - Monday, 03 December 2018 22:07
225 ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම නොදෙන බව ජනපති කියලා
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 225 ම අත්සන් කළ ත් රනිල් අගමැති නොකරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටී.