Sathosa

Dec 04, 2018

'එකම විසඳුම ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් පමණයි' - මංගල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කෑ මොර දී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සමරවීර මහතා මේ බව කියා සිටියි.

එක බොරුවක් වසා ගැනීමට තව තවත් බොරු හා විකෘති ප්‍රකාශ සිදු කරමින් කිඹුල් කඳුළු හෙළීම දැන් ඔහුගේ කාර්යය වී ඇති බව පවසන හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය සඳහා එකම විසඳුම වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පමණක් බවයි.


 



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top