Dec 05, 2018

කාසල්රි ජලාශයේ තෙල් තට්ටුව ගැන තවත් සැකයක් (ඡායා)

ජාතික විදුලි බල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට ගලාගෙන එන තෙල් සහ තැන්පත් වී ඇති තෙල් තට්ටුව පිළිබඳව සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් පිරිසක් ඊයේ (04) කාසල්රි ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්, කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් සමග සාකච්ඡා කර අනතුරුව කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය සහ දික්ඔය ඇළ මාර්ගය පරික්ෂාවට ලක් කරනු ලැබිණි.

මෙම නිරික්ෂණ චාරිකාවට පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සැකකරන්නේ කාසල්රි ජලාශයට තෙල් තට්ටුවක් මුසු වී ඇත්තේ කෙසෙල්ගමුඔයෙන් හෝ දික්ඔය ඇළ මාර්ගයෙන් නොවන බවයි. කාසල්රි ජලාශය අවට පරිසරයෙන් මෙම තෙල් ජලාශයට ජලාශයට මුසු වී ඇති බවට එම නිලධාරින් සැකකරයි.

ජලාශයේ තැන්පත් වී ඇති ඉන්ධන සාම්පල් පරික්ෂාවකට ලක් කර එ් පිළිබඳව පූර්ණ නිගමනයකට පැමිණෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් කියා සිටී.

කාසල්රි ජලාශයේ ජලය විදුලි උත්පාදනයෙන් අනතුරු එම ජලය කැළණි ගඟට මුදා හරිනු ලබයි.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

kasal1

kasal2

kasal3

kasal4

kasal5

kasal6

kasal8

kasal9

kasal11

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top