Sathosa

Dec 05, 2018

"නැවත යුද්ධයක් එපා" - මුලතිව් පෝස්ටර් (ඡායා)

"නැවත යුද්ධයක් හා ත්‍රස්තවාදයක් එපා" යනුවෙන් සඳහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පොස්ටර අලවා තිබෙන බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති.

ඒ අනුව මුලතිව් මුල්ලියාවේලි ප්‍රදේශය හා මුලතිව් නගරයේ ස්ථාන කිහිපයක අදාළ පෝස්ටර අලවා ඇත.

පසුගියදා මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේ සිදුවු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ සිදුවීම මුල් කොටගෙන නැවත යුද්ධයක් ඇති කර නොගන්නා ලෙසට අදාළ පෝස්ටරය අලවා තිබේ.

මීට පෙර කිලිනොච්චිය,වවුනියාව හා යාපනය ප්‍රදේශයන්ගේද නැවත ත්‍රස්තවාදයක් එපා යනුවෙන් සදහන් කරමින් ප්‍රදේශවාසී සිවිල් සංවිධාන ඒකාබද්ධව විරෝධතා වැඩසටහන්ද සංවිධානය කොට තිබිණ.

 සටහන සහ ඡායා මාධව කුලසූරිය - වවුනියාව

wore1

wore2

wore3

wore4

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top