Dec 05, 2018

ආනන්දි සෂිරදරන් හිටපු එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් Featured

මඩකලපුව වවුනතිව් සිදුවීමට සම්බන්ධ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පදනම් කර ගනිමින් පුනරුත්තාපනය ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් සියලුදෙනාට චෝදනා එල්ල කිරීම අනුමත කිරීමට නොහැකි බව උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය පවසයි.

යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෂිදරන් මහත්මිය පැවසූවේ අදාළ සිදුවීම පදනම් කර ගනිමින් සිවිල් ජන ජිවිතයට යොමුව ඇති හිටපු එල් ටි ටි සාමාජිකයින් සියළුදෙනා වෙත නැවත වෙනුවෙන් චෝදනා එල්ල කිරීමට පටන්ගෙන ඇති බවයි.

පුනරුත්තාපනය ලැබූවන් මේ වන විට ඉතා යහපත් ජීවිත ගතකරමින් සිටින අතර නැවත අදාළ පිරිස් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ආරම්භ කිරීම ඔවුනගේ ජිවිත පවත්වාගෙන යාමට ගැටලුවක් වී ඇති බවද ඇය කියා සිටී.

ඔවුන් තමන්ගේ දරු පවුල් සමඟ සාමයෙන් ජිවත්වෙමින් සිටියදී නැවත වතාවක් අදාළ පිරිස් වෙත චෝදනා කිරීම ඉතා අපරාධයක් බවද ඇය අවධාරණය කරයි.

ආනන්දි සෂිදරන් මහත්මිය‍ගේ සැමියා ත්‍රිකුණාමලය හා වවුනියාව දිස්ත්‍රික් භාර දේශපාලන නායකයෙකු ලෙස කටයුතු කරනු ලැබු අතර, යුද්ධයේ අවසන් දිනවල අතුරුදහන්ව ඇත.

කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයින් හිටපු එල්.ටී.ටී.ඊ ය හමුවෙයි

මේ අතර කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂ‍යේ සාමාජිකයින් සමඟ විශේෂ සාකච්ජාවක් ඊයේ(04) මුලතිව් ප්‍රදේශයේදී පිහිටි විමුක්තිකාමි සටන්කාමි ජනතා පක්ෂයේ කාර්යාලයේදී පැවැත්විණ.

පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.තුලසි මහතා පැවසූවේ කැනඩා රාජ්‍ය තාන්ත්‍රික ඩේවිඩ්‍ මෙගනන් මහතා ඇතුළු කැනඩා නියෝජිතයින් පිරිසක් තම පක්ෂයේ සාමාජිකයින් සමඟ සාකච්ජා පැවැත්වු බවයි.

දකුණේ පවතින ‍දේශපාලන අස්ථාවරත්වය හමුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්‍ගේ වර්තමාන තත්ත්වය හා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ජන ජිවිතය සම්බන්ධයෙන් එහිදි සාකච්ජා කර ඇත.

කැනඩාවේ ජිවත්වන දෙමළ ජනතාවගේ ඉල්ලීම මත හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ජීවන තත්ත්වය නඟා සිටුවීමට හා යුද්ධයෙන් ස්වාමියන් මියගිය කාන්තා මූලික පවුල්වල තත්වය නඟා සිටුවීමටද කැනඩා ර‍ජයේ උපකාර ලබාදීමටද කැනඩා නියෝජිතයින් එකඟ වු බවද තුලසි මහතා පැවසුවේය.

සාකච්ජාව වෙනුවෙන් හිටපු එල් ටි ටි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

සටහන - මාධව කුලසූරිය -වවුනියාව

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top