Jan 05, 2017

"ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්” අද SLBC යේ ණය ගෙවයි Featured

ටොරින්ටන්හි ඉදි කෙරුණු "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්” ගොඩනැගිල්ලට ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් බිම් තීරුව වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාවට ඉදිකරදුන් නව ගොඩනැගිල්ල අද (05) විවෘත කිරීමට නියමිතය.

අද (05) ගුවන් විදුලි සංස්ථාවට පනස් වසරක් පිරීම නිමිත්තෙන් මේ ගොඩනැගිල්ල විවෘත වේ.

සවස 3.00ට ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය.

රාජපක්ෂ රෙජීමය සමයේදී කොළඹ නිදහස් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්" (Independent arcade) වාණිජමය ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරුණි.

ගුවන්විදුලියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් අලුත්වැඩියා කරන ලද තවත් මැදිරියක්ද අද විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

50 වසරට SLBC යේ පෙර සූදානම

ජනපතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් ලක ලැහැස්ති වූ ගුවන් විදුලි සංස්ථාව අබලන්ව තිබූ මයික්‍රෝ වෑන් රථ පහ වෙනත් තැනකට ගෙනගොස් ගාල් කර අබලන් පුටු කිහිපයක් පොලිෂ්කර පිරිසකර කර තිබේ.

පසුව ගුවන් විදුලි සංස්ථාවේ ගොඩනැගිලි මුහුණතවල තීන්ත ආලේපකර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top