Sathosa

Dec 05, 2018

වසා දැමුණු රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ අරුණට

වසා දැමුණු රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ රමේෂ් වරල්ලේගම මහතා අරුණ දිනපතා පුවත්පතේ කර්තෘවරයා ලෙස බඳවා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

රිවිරෙහි සේවය කළ තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අරුණ දිනපතා පුවත්පතට එක්කර ගැනීමට සූදානම් වන බව පැවසේ.

ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි සිසුවකු වන රමේෂ් වරල්ලේගම මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් විසින් අරුණ ප්‍රකාශයට පත්කරනු ලබයි.

එම සමාගමේ විධායක නිලධාරී මාධව මඩවල මහතාගේ ආරාධනයක් පරිදි රමේෂ් අරුණට එක්වීමට සූදානම් වන බවද පැවසේ. රමේෂ් මෙන්ම මාධව මහතාද ගාල්ලේන් කොළඹ පැමිණි අයකු බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්
රිවිර නවතියි - මහින්දගේ පුත්තු කොල්ල කෑ බවට චෝදනාවක් !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top