Sathosa

Dec 05, 2018

"තීන්දුවට පැය 48 යි : රජයක් නොමැතිවීම ඒකාධිපති තත්වයක්"

අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට විරුද්ධව ඉදිරිපත් වූ පෙත්සම් විභාග කර අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදී මේවන විට පැය 48 කට වැඩි කාලයක් ගතවී ඇතත්, මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව, අපේ නිදහස් ඉතිහාසයේ පමණක් නොව ප්‍රජාතන්ත්රවාදී ලෝකයේ ද රජයක් නොමැති පළමු රට බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.

ඒ මහතා නිවේදනයක් නිකුත්කරමින් මේ බව කියා සිටී.

රජයක් නොමැති වීම ලංකාවට අලුත් දෙයක් වුවත් ලෝකයේ වෙනත් රටවල මෙවැනි තත්ත්වයන් පැවති බව කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ජනතාව නොමග යැවීමේ අරමුණින් කළ ප්‍රකාශයෙන් ජනපතිවරයාගේ නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශනය කළ බවද එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි තත්ත්වයක් ඇති කිරීම රටේ ව්‍යවස්ථාවට, සාමාන්‍ය නීතියට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද නීති විරෝධී බවද එම නිවේදනයෙන් කියා සිටින සමරවීර මහතා පැය 48කට වැඩි කාලයක් පුරා මේ රට තුළ රජයක් ක්‍රියාත්මක නොවීමට කටයුතු කිරීම තුළින් ඉතිහාසයේ කිසිදා නොවූ ආකාරයේ ව්‍යවස්ථා උල්ලංඝනයක් අත්හිටුවීමක් සිදුකොට ඇතැයි ද දක්වා තිබේ.

කිසියම් රටක ව්‍යවස්ථාව තාවකාලිකව හෝ අත්හිටුවන්නේ නම් ඒ ඒකාධිපති රාජ්‍යවල පමණක් යැයිද එහි වැඩිදුරටත් දැක්වේ.

එසේ නම් අද ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව සීග්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කර පරිවර්ථනය වෙමින් පවතින බවත්, ඒ සඳහා මූලිකවම වගකිව යුත්තේ සිරිසේන ජනාධිපතිවරයා යැයිද සමරවීර මහතා සිය නිවේදනය මගින් චෝදනා කර තිබේ.

එපමණක් නොව මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා ද ඔහු ලබා දුන් ප්‍රතිඥා සාහසික ලෙස උල්ලංඝනය කර ඇතැයිද, මේ සඳහා දෝශාභියෝගයකින් පමණක් නොව රටේ සාමාන්‍ය නීතියෙන් ද දඬුවම් ලබාදිය හැකි බවද එහි දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
mangala press2

managala press3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top