Dec 06, 2018

'ගහේ ඉඳල වැටුණු මිනිහට හරක ඇන්න වගේ' - වඩිවේල් Featured

රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ යළි බිහිකරන රජයක පළමු කැබිනට් මණ්ඩල යෝජනාව ලෙස වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කියයි.

දේශපාලන අර්බුදය විසදුනු වහාම වතු කම්කරුවන්ගේ ගැටලුවට විසදුම් ලබා දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දුවක් ලබා දී ඇති බව ඒ මහතා කියා සිටී.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් දිවයින පුරා වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය සඳහන් කලේ වැටුප් ගැටලුවට සාධාරණ විසදුමක් ලැබෙන තෙක් මෙම අඛණ්ඩ වර්ජනය අත් නොහරින බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top