Sathosa

Dec 06, 2018

අම්මා සොයද්දී සෙල්වම් ළිඳේ (ඡායා)

වවුනියාව,ඊච්චන්කුලම,තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (05) සවස සොයාගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ පුතා නිවසේ නොමැතිවීම හේතුවෙන් සොයා බැලීමේදී පුතාගේ මළ සිරුර ළිඳ තුළ තිබෙනු මියගිය පුද්ගලයාගේ මව දැක අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවයි.

වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වු සෙල්වම් නමැති පුද්ග‍ලයෙකුගේ මළ සිරුර එලෙස ළිඳ තුළ තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.

මෘත ශරීරය ළිඳෙන් ගොඩගෙන බැලීමේදී අත්දෙක නූලකින් ගැටගසා තිබීම හේතුවෙන් මෙම මරණය සැක සහිත බවද පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුර වවුනියාව රෝහල මෘත ශරීරාගා‍රයේ තැන්පත් කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය- වවුනියාව

dropwel1

dropwel2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top