Sathosa

Dec 06, 2018

ඉරණමඩුවේ අතිරික්ත ජලය යාපනයට (ඡායා)

ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව වාන්දැමීමට ආසන්න ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ (05) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

නිරීක්ෂණ චාරිකාවට එක්වු ආණ්ඩුකාරවරයා පැවසූවේ අක්කර 21000ක භූමි ප‍්‍රමාණයක ඉදිකර ඇති මෙම ඉරණමඩුු ජලාශය යුධ සමයේ අඩාල වූ වාරි කර්මාන්තය සහ ජන ජිවිත යළි ගොඩ නැගීමේ අරමුණ මූලික කර ගනිමින් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 2000කට වැඩි වියදමක් දරා ඇති බවත්,මෙයට පෙර අඩි 34 කින් යුතු වුවත් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අඩි 36කින් යුත් මෙම වාන මේ වන විට අඩි 35ක් ඉක්මවා ජලය පිරි ඇති බවත්ය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා එහිදි වැඩිදුරටත් පැවසූවේ ප‍්‍රදේශයේ ජිවත් වන පවුල් 9180කට මෙම ජලාශයෙන් සෙත සැලසෙන බවත්, මහ කන්නයට පසුව යල කන්නයේදීද ගොවිතැන් කටයුතු කර ගැනීමට මෙම ජලාශය මහත් පිටිවහලක් වන අතර, මේ සඳහා සහය දුන් නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා සියලූම දෙනාටත්, විදේශීය ණය ආධාර ලබා දුන් ආයතන වලටත් මධ්‍යම රජයට සහ පළාත් සභාවටත් විශේෂ ස්තුතියක් පිරිනැමීය.

ජලාශයේ අතිරික්ත ජලය ඉදිරි කාලය තුළදී යාපනය ප‍්‍රදේශයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ආණ්ඩුකාරවරයා එහිදි පැවසීය.

වැඩසටහනට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලේකම්, කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම්, පළාත් ඉංජිනේරු සහ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන්, රජයේ නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන්ද සහභාගි වූහ.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය- වවුනියාව

water1

water2

water3

water4

water5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top