Sathosa

Dec 06, 2018

වතු පොකුණු ජලාශවලට තිලාපීන් මුදාහරී (ඡායා)

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමීම සදහා ජාතික ජලජ ජිවී වගා සංවර්ධන අධිකාරිය මගින් වතුකරයේ පොකුණු ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතියට සමගාමීව තිලාපි මත්ස්‍යය පැටවුන් දොලොස් දහසක් මුදා හැරීම ඊයේ (05) සිදු විය.

ඒ අනුව ජතික ජලජ ජීවී වගා අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් විසින් වතු පොකුණු ජලාශ ආශ්‍රිතව මත්ස්‍යය වගාව ප්‍රවර්ධනය කිරිම අරමුණින් හැටන් පැන්මුර් වතු යායේ වතු පොකුණු ජලාශයට තිලාපි මත්ස්‍ය පැටවුන් දොලොස් දහසක් මුදා හැරිණි.

ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන දඹුල්ල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය පැටවුන් මෙසේ එම ජලාශයට මුදා හැරුණු අතර
එම පැටවුන් මාස 6 ක කාලයක් තුළ කිලෝ 1½ ත්, 2 ත් අතර ප්‍රමාණයකට වැඩෙන බව ජතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යයාලයේ ව්‍යාපෘති නිලධාරින් කියා සිටී.

මෙම ජලාශයේ මත්ස්‍ය අස්වැන්න එම වතුයායේ වතු කම්කරුවන්ට ලබාදීමටද නියමිතය.

මෙම මත්ස්‍ය පැටවුන් මුදා හැරිමේ අවස්ථාවට එම වතු යායේ වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගි විය.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

fish1

fish2

fish3

fish4

fish6

fish8

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top