Sathosa

Dec 06, 2018

බදුයුදීන්ගෙන් CID ය කටඋත්තර අරන් (වීඩියෝ)

රිශාඩ් බදුයුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කටඋත්තර ලබාගෙන තිබේ.

ඒ බදුයුදීන් මහතා ඝාතනය කිරීමට සැලැසුමක් තිබූ බවට නාමල් කුමාර නැමැත්තා විසින් මාධ්‍යවෙත හෙළිකර තිබූ කරුණු මත පදනම්ව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති අමීර් අලී හා එහි ලේකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුවය.

මට මොනවත් වුණොත් එහි වගකීම ජනාධිපතිතුමාටයි

තමා ඝාතනය කිරීමට උත්සාහ කරණ බවට මාධ්‍ය වාර්තා පලවෙමින් තිබෙන අවස්ථාවේදී තමාට ලබාදී තිබූ විශේෂ කාර්ය බලකා ආරක්ෂාව මෙන්ම, ඇමති ආරක්ෂකයින්ද ඉවත් කර ඇති බව බදුයුදීන් මහතා රහස් පොලිසියට කටඋත්තර ලබාදී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත පැවසීය.

ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිතුමා බවත්, තමාට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා විසින් බාරගතයුතු බව ඔහු කියා සිටියේය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top