එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
''ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව, ඔහුගේ මූලිකත්වයෙන් සහ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 19 වන සංශෝධනය සම්මත කර ගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලූකාරි තත්ත්වය විසඳීම සඳහාය.
එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්රජාතන්ත්රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබේ.
එය අප රටේ ප්රජාතන්ත්රවාදය අගයන ජනතාව ලැබු සැබෑ ජයග්‍රහණයක් වන අතර අපගේ මාතෘභූමිය නූතන යුගයකට ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වූවකි. ''