Sathosa

Dec 07, 2018

පොහොට්ටුවෙන් විනිසුරන්ට එරෙහි මඩ මෙහෙයුමක් ! Featured

පොහොට්ටු පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් අග විනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් කිහිප දෙනෙකුට එරෙහිව ඉතාමත් පහත පෙලේ මඩ ප්‍රචාරක මෙහෙයුමක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර ඇත.

ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම හරහා අධිකරණයට බලපෑම් කිරීම එම ප්‍රචාරක මෙහෙයුමේ මුලික අරමුණ වී ඇති බව පෙනේ.

පොහොට්ටු පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය දින කිහිපයේම අභියාචනාධිකරණයේ තීන්දු තීරණ දැඩි ලෙස විවේචනය කළේය.

පසුගියදා අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීන්දුවට තමන් දැඩි ලෙස විරෝධය පලකරන බවත්, එහෙයින් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) නාරාහේන්පිට අභයාරාමයේ දී මාධ්‍යවේදීන් හමුවේ පැවසිය.

සබැඳි පුවත්
''මෙහෙම අධිකරණ තීන්දු ලෝකේ කොහෙවත් දීල නැහැ'' - මහින්ද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top