Sathosa

Dec 07, 2018

ත්‍රිකුණාමලයට නව සහකාර පලාත් පාලන කොමසාරිස්වරයෙක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර පලාත් පාලන සහකාර කොමසාරිස් ලෙස නැගෙනහිර පලාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) කාර්යාලයේ සහකාර ලේකම් එස්.ජී.එස්.එල්. තෙන්නකෝන් මහතා පත් කරනු ලැබ තිබේ.

ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ උපදෙස් මත නැගෙනහිර පලාත් සභාවේ ප්‍රධාන ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන මහතා විසින් මෙම පත් කිරිම කරනු ලැබ තිබු අතර පත්විම් ලද නව සහකාර පලාත් පාලන කොමසාරිස්වරයා සිය කර්යාලයේදි රාජකාරි අරඹනු ලැබීය.

සහකාර පලාත් පාලන කොමසාරිස් එස්.ජී.එස්.එල්. තෙන්නකෝන් මහතා මීට පෙර අම්පාර මහ නගර සභාවේ නාගරික ලේකම් ලෙසත් නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් හා වැඩ ආවරණ ලේකම් ලෙසත් කටයුතු කර තිබේ.

(සටහන : ලක්මාල් කේ බදුගේ - ත්‍රිකුණාමලය වාර්තාකරු)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top