Sathosa

Dec 07, 2018

හැටන් වල තේ දළු කිලෝ 1440කට ගිනි තියලා!

හැටන් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් වෙත ගෙනයමින් තිබූ තේ දළු කිලෝ 1440ක තොගයකට ඊයේ (06) පස්වරුවේදී කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් දියත් කර ඇති වැඩවර්ජනයට සහයෝගය නොදක්වන හැටන් ස්ටැඩන් වතු යායේ වතු කම්කරුවන් විසින් ඊයේ (06) දින නෙළා තිබුණු තේ දළු තොගය පස්වරුවේදී හැටන් ස්ටැඩන් තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා ට්‍රැක්ටර් රථයකින් ප්‍රවහනය කරමින් තිබියදී මෙලෙස විනාශ කර ඇත.

දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මග රැක සිට තේ දළු ප්‍රවහනය කල ට්‍රැක්ටර් රථය නතර කර දළු මතට භුමිතෙල් ඉස රු. එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක් වටිනා අමු තේ දළු විනාශ කර ඇති බව වතු පාලන අධිකාරිය විසින් හැටන් පොලිසියට පැමිණල්ලක් කරමින් සඳහන්කර තිබුණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරමින් සිටින අවස්ථාවේ වතු පාලන අධිකාරිය මගින් ඊයේ රාත්‍රියේ එම පැමිණිල්ල ඉවත් කර ගත් බව හැටන් පොලිසිය පැවසීය.

වැඩ වර්ජනය සිව්වැනි දිනටත්

මේ අතර, වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් ලංකා කම්කරු කොංග්‍රසය වතුකරය පුරා දියත් කර ඇති වැඩ වර්ජනය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මකයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ සමාජිකයන් වැඩ වර්ජනයේ නිරත වුවද වතුකරයේ අනෙකුත් වෘත්තිය සමිතිවල සමාජිකයන් සුපුරුදු පරිදි අද (07) දිනයේත් තේ වතු වල සේවා සදහා වාර්තා කර ඇති බවයි වතු අධිකාරිවරුන් පවසා සිටියේ.

වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු 530 මූලික වැටුප රු 600 දක්වාත් පැමිණිමේ දීමනාව වශයෙන් දැනට දිනකට ගෙවන රු 75 දීමනාව රු 140 දක්වා වැඩි කර වතු කම්කරුවෙකුට දිනකට සියළු දිමනා සමග රු 1012 ක වැටුපක් ලබාදීමට වතු වැවිලිකරුවන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකාබද්ධ වෘත්තීය සමිති මගින් ප්‍රතික්ෂේප කර ඇත.

(සටහන හා ඡායා : රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු)

tea1

tea2

tea4

tea5

tea6

tea7

tea8

tea9

tea10

tea11

tea13

tea14

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top