Sathosa

Dec 07, 2018

ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 07 දා Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට නාමයෝජනා භාර ගැනීම ලබන දෙසැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

එසේම පෙබරවාරි 07 වැනිදා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමටත් කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් 17 වැනිදා මධ්‍යහන 12.00 ට අවසන් වන බවත්, ඒවා විවෘත කිරීම එදිනම සවස 4.00 ට සිදු කිරීමට නියමිත බවද පැවසේ.

නාම යෝජනා සඳහා විරෝධතා භාරගැනීම ජනවාරි 01 වැනිදා හා 02 වැනිදා සිදු කිරීමට නියමිත බව ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නම් ප්‍රකාශ කිරීම ජනවාරි 14 වැනිදා සිදු කිරීමට නියමිත අතර ඡන්දය ලබාදෙන පුද්ගලයන් ප්‍රකාශ කිරීම ජනවාරි 21 වැනිදා සිදු කිරීමට නියමිතය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top