Sathosa

Dec 07, 2018

විභාග වංචාවවේ ගුරුවරියටයි ගෝලයාටයි ඇප (update)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට පෙනී සිටිමින් ජංගම දුරකතනයක ආධාරයෙන් ඉංග්‍රීසි විෂය සඳහා වූ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බාහිර විභාග අයදුම් කරුකරුවා සහ ඔහුට සහාය දුන් ගුරුවරිය ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත්වරයා අද (07දා) නියෝග කළේය.

නැවත නඩු විභාගය පෙබරවාරි මස 07 වෙනිදා පැවැත්වෙන අතර එදිනට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බලංගොඩ පොලිසියට නියෝග කර තිබේ.

---------------------------------------------------------------------------------

SMS වලින් විභාග කල ගුරුයි ගෝලයයි අත්අඩංගුවට

අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ පැවැති ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍රය සඳහා ජංගම දුරකතයක් භාවිත කරමින් පිළිතුරු ලියු සිසුවාට අදාළ පිළිතුරු කෙටි පණිවිඩ මගින්සි යොමුකළ ගුරුවරිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

බලංගොඩදී මෙම අත්අඩගුවට ගැනීම සිදුකර තිබේ. මේ වන විට ඡංගම දුරකතනය භාවිතයෙන් පිළිතුරු ලියූ සිසුවාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top