Sathosa

ජනාධිපතිවරයාගේ නිල කටයුතු අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාව පවති ජනාධිපතිවරයාගේ නිල කටයුතු අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාව පවති
Dec 08, 2018

'19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ මුක්තිය සිමා කරලා ' - ශ්‍රේෂ්ඨාකරණයේ දී අවධාරණයක් Featured

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට සිවිල් හා අපරාධ නඩුවලින් නිදහස්ව සිටීම සදහා මුක්තියක් හිමි වී තිබුණද එම මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුලින් යම් සීමා කිරීමකට ලක් කර ඇති බව ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අවධාරණය කර සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශව 13ක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ සිකුරාදා (දෙසැම්බර් 07) සිව් වෙනි දිනටත් පැවති අතර එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් ප්‍රතිඋත්තර ප්‍රකාශ කිරීම ආරම්භ කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි කණගීස්වරන් මහතා එම කාරණය අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විධායක සහ පරිපාලන ක්‍රියාවලට එරෙහිව මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට ප්‍රතිපාදන සලසා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා, ඒ යටතේ ජනාධිපතිවරයාගේ නිල කටයුතු අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාව පවතින බවත් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් බැවින් ඒ පිළිබඳව ද මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන යටතේ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හැකියාව තිබෙන බව ද ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා අවධාරණය කළේය.

පෙත්සම්කාර පාර්ශවයේ සෙසු නීතිඥවරුද එම අදහස් අනුමත කරමින් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූහ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරී හේතුව ?

පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකරමින්, මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයත් සමග ශ්‍රී ලංකාව ව්‍යවස්ථා අර්බුදයකට මුහුණ දී සිටී.

තවදුරටත් රටේ නීත්‍යානුකූල අගමැතිවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වෙනි සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

ඉන් අනතුරුව එය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් නොවැම්බර් 12 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික හිමිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top