Dec 09, 2018

මෙය ව්‍යවස්ථා අර්බුදයකට එහා ගිය එකක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මානව හිමිකම් කේෂත්‍රය තුලින් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ජයග්‍රහණ අවදානමකට ලක්ව තිබීම කණගාටුවට කරුණක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජගත් මානව හිමිකම් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වර්තමානයේ මෙරට තුල පවතින අර්බුදය ව්‍යවස්ථාමය අර්බුදයෙන් ඔබ්බට ගිය එකක් බවද එහි දැක්වේ.

එය මේ වන විට සමාජ දේශපාලන සහ ආර්ථීක යන සියලු කේෂ්ත්‍ර වෙත පැතිරගොස් ඇති බවද නිවේදනයේ සදහන් වේ.

එම තත්වය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය කෙරෙහි දරුණු ලෙස බලපා ඇති බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනය මගින් කියා සිටින අතර එබැවින් රට බරපතල අවදානමකට පත්ව ඇති බව එමගින් අවධාරණය කර සිටී.

එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් සංස්කෘතිය මුහුණ දී ඇති අභියෝග ජයගෙන වඩා යහපත් අනාගතයක් ගොඩ නැගීමට සියලු පාර්ශව දායක විය යුතු බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top