photographic 2
Dec 11, 2018

'අපිට 113ක් නැති බව පිළිගන්නවා' - ඩලස්

සන්ධානයට පාර්ලිමේන්තුවේ 113ක මන්ත්‍රි ආසන නොමැති බව පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 101ක් බවත් බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්විමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

"මහින්ද රාජපක්ෂට 113ක් නැති බව කථානායකතුමා කියනවා. අපිට 113ක් නැති බව අපි පිළිගන්නවා. එජාපය 122ක් අත්සන් කර ඇත්තේ, විපක්ෂ නායක සම්බන්ධන් මහතාගේ 15 හා අනුර කුමාරගේ 6 දෙනාද එකතුවයි. ඒ අනුව රනිල් මහත්තයට ඉන්නේ 101යි.

මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන්නේ 1987 සිටයි. එදා සිට මැතිවරණ 7ක් පවත්වා තිබෙනවා. 1988 හා 2010 පැවැත් වූ මැතිවරණවලින් පමණයි බහුතරය තිබුණේ. අනෙක් කිසිදු මැතිවරණයකදී බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. අනෙක් කිසිම මැතිවරණයකදී බහුතරයක් පෙන්නන්න කියලවත් නැහැ. වසර 25ක අතීතය තුළ මෙය සිදුවී තිබෙන්නේ. ඒ නිසා ව්‍යස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කිසිවක් සිදුවී නැහැ, නිවැරදි පිළ අපි නියෝජනය කරන්නේ.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top