Sathosa

Dec 11, 2018

'අපේ රජය අක්‍රිය කර එජාපය ජනතා පැතුම් සුන් කළා' - මහින්ද

එක්සත් ජාතික පක්‍ෂය විසින් සිය රජය අක්‍රිය කිරීමෙන් නත්තල් සමයේ ජනතා පැතුම් සියල්ලම සිහිනයක් බවට පත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ පුවත්පතට ප්‍රකාශකර ඇත.

ජනතාව අද මුහුණපා තිබෙන ප්‍රශ්න ගැන එජාපය ඇතුළු තමන්ට එරෙහිවූ අය කිසිම අවධානයක් යොමු නොකර අවස්ථාවාදීව ක්‍රියා කරන බව පවසන මහින්ද රාජපක්‍ෂ මහතා සිය රජයෙන් ජනතාවට ලබාදීමට තිබූ සහන රැසක් අහෝසි වූ බවද සඳහන් කරයි.

මේ රටේ ජනතාවගේ එකම පැතුම බදු බරෙන් නිදහස්‌ව සතුටින් ජීවත්වීම යෑයි ද හෙතෙම කියා සිටියි.

 මහින්ද නොකියන කතාව !

 අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගය නිසා යෝජිත සහන ජනතාවටදීමට නොහැකිවූ බව මහින්ද රාජපක්ෂ මහතා පැවසුවද එක්සත් ජාතික පක්ෂය පවසන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවීම නිසා කිසිඳු පනත් සංශෝධනයක් ගෙන ඒමට හෝ යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකිවීම නිසා වත්මන් අර්බුදය මතුවී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්විමින් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද පවසා සිටියේ, සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන නොමැති බව පිළිගන්නා බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top