Dec 12, 2018

නිදහස් සේවක සංගමයේ ලොක්කන්ගේ මඟඩි එළියට Featured

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිට හා ලේකම්ට රජයේ වාහන දෙකක් සහිතව වසරකට රුපියල් ලක්ෂ 15කට ආසන්න ඉන්ධන වසර 10ක් තිස්සේ ලබාදී ඇතැයි දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ මෝටර් රථ දෙකක් මෙසේ අදාළ පුද්ගලයන්ට ලබාදී ඇති බවත් ඒ අනුව මසකට ඉන්ධන ලීටර් 1200 බැගින් ලබාදී ඇති බවත්ය.

අදාළ පුද්ගලයන් දෙදෙනාට ඉන්ධන සඳහා වසරකට රුපියල් දාහතර ලක්ෂ හාරසියයක් වැය කර ඇති බව පවසන ඒ මහතා ප්‍රශ්න කර සිටියේ මෙසේ රජයේ දේපළ වෘත්තීය සමිතියක නිලධාරීන්ට ලබාදීමට ඇති උවමනාව කුමක්දැයි යන්නය.

මෙකී රජයේ දේපළ අවභාවිතය 2008 සිට 2018 දක්වා සිදුව ඇති බවත්, අදාළ මුදල් අය කර ගැනීමට හා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට තම සංගමය අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top