Sathosa

Dec 13, 2018

'' ජනාධිපතිගේ සම්මාන මට එපා'' - ඩබ්ලිව්. ජයසිරි කියයි Featured

පසුගිය ඔක්තෝබර් 26 වනදා නීති විරෝධී ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින්, ව්‍යවස්ථා විරෝධි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත් කරමින් සිදු කළ කුමන්ත්‍රණයට විරෝධය දැක්වීමක් ලෙස තමන් 2018 කලාභූෂණ රාජ්‍ය සම්මාණ උළෙල සඳහා සහභාගී වීම දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා සිය මුහුණු පොතේ සටහනක් ලබා ඇත.


“2018, කලාභූෂණ, රාජ්‍ය සම්මාණ උළෙල සඳහා මට ආරාධනා ලැබී තිබේ. රටේ අනාගතය සමග සූදූකෙලින ජනාධිපතිවරයෙකුගේ අතින් කලාභූෂණ සම්මාණය ලබාගැනීම හා එම උත්සවයට සහභාගීවීම මම දැඩි පිළිකුලින් ප්‍රතික්ෂේප කරමි.'' යයි එම සටහනේ දැක්වේ.

පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටනට මම කොන්දේසි විරහිතව පක්ෂපාතී වෙමි.” යනුවෙන් ද එහි සඳහන්වේ.

මෙම සම්මාන උළෙල සඳහා ආරාධනා පත්‍රය සමග සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලිපියක්ද ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා වෙත යොමු කර ඇති අතර ඒ මහතා කලාභූෂණ රාජ්‍ය සම්මාණ ලාභියෙකු ලෙස තේරී ඇතැයිද එහි සඳහන් වේ.

 W. Jayasiri 2018.12.12 1

W. Jayasiri 2018.12.12 2

W. Jayasiri 2018.12.12 3

(lankatruth.com)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top