Dec 15, 2018

''අතරමග අම්බලම් නැහැ'' : බැසිල් කියපු කතාව හරි ! Featured

'පොහොට්ටු' පක්ෂයට ජනතා ජයග්‍රහණයක් පෙනී පෙනී තිබියදී කඩිමුඩියේ ආණ්ඩු බලය ලබා නොගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ (පොහොට්ටුවේ) බැසිල් රාජපක්ෂ මහතා මුලසිටම දැක්වූ විරෝධය නොසලකා හැරීමේ වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

ඔක්තෝම්බර් 26 ආණ්ඩුබලය ගත් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට සිදුවීම සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම විරෝධය පළකර තිබිණ. 'ඒ, ලංකාදීප' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා සමග ඔක්තෝම්බර් මුල් සතියේ කල සාකච්ඡාවකදී ය.

''අතරමැදි ආණ්ඩු පෙරළියකට ඔබ සූද‌ානම් නැහැ'' නේදැයි මාධ්‍යවේදියා කල විමසීමට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කර තිබිණ.

''මගේ පෞද්ගලික මතය නම් මේ ගමනේ අතරමග අම්බලම් නැහැ කියලයි. නමුත් වැඩි දෙනෙක් ඉන්නේ අතරමග පියවරවල් ගන්න වෙනවා මේ තියෙන තත්ත්වය උඩ කියලයි. එහෙම ගන්නත් ඉඩ තියෙනවා. ඒත් මම ඒකට අභියෝග කරන්නේ නැහැ. නමුත් අපි යන ඉලක්කය වෙන පැත්තකට යවන්න මම සූද‌ානම් නැහැ.''

ආණ්ඩු පෙරළියකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය අවශ්‍ය නොමැති බව එහිදී අවධාරණය කර සිටි බැසිල් රාජපක්ෂ මහතා, '' අපි මේ අර්බුදයේ පාර්ශ්වකරුවෙක් විදියට තමයි ඔහුව සලකන්නේ. ඒ නිසා අපිට ඔහු අද‌ාළම නැහැ. ඔහුව අද‌ාළ කරගෙන අපිට සටන් කරන්නත් බැහැ කියන එකයි මගේ මතය.'' යයි එම පුවත්පත් සාකච්ජාවේදී පැහැදිලිව ප්‍රකාශ කර තිබිණ.

බැසිල්ගේ කතාවට විමල් දුන් පිළිතුර :

''මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි අගමැති හැටියට පත් කිරීම අම්බලමක්ද ? එතුමාගේ අදහසට අනුව ඇමැති මණ්ඩලයක් පත් කර ගෙන රට පාලනය කිරීම අම්බලමක් ද ? ඒ ආණ්ඩු බලය තියාගෙන ජනාධිපතිවරණයකට එකට යන එක මෝඩ වැඩක්ද ?'' - විමල් විරවංශ ප්‍රශ්න කරයි

''මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි අගමැති හැටියට පත් කිරීම අම්බලමක්ද ? එතුමාගේ අදහසට අනුව ඇමැති මණ්ඩලයක් පත් කර ගෙන රට පාලනය කිරීම අම්බලමක් ද ? ඒ ආණ්ඩු බලය තියාගෙන ජනාධිපතිවරණයකට එකට යන එක මෝඩ වැඩක්ද ?'' - විමල් විරවංශ ප්‍රශ්න කරයි

දේශපාලනයේදී අතරමඟ අම්බලම් නැති බවට බැසිල් රාජපක්‍ෂ මහතා විසින් 'ඉරිදා ලංකාදීපය'ට කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන් එම පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා විසින් ඉන් පසු සතියේ කල විමසීමට විමල් විරවංශ මන්ත්‍රීවරයා පිළිතුරු දී තිබුනේ මෙසේය.

මහින්ද අගමැති හැටියට පත් කිරීම අම්බලමක්ද ?

''මෙහෙමයි සමහරුන්ට තාවකාලික අම්බලම් හැටියට පේන්නේ වැරදි දේවල්. මේක තාවකාලික අම්බලමක් නොවෙයි. මේක තාවකාලික අම්බලමක් හැටියට හඳුන්වන්න බෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි අගමැති හැටියට පත් කිරීම අම්බලමක්ද ? එතුමාගේ අදහසට අනුව ඇමැති මණ්ඩලයක් පත් කර ගෙන රට පාලනය කිරීම අම්බලමක් ද ? ඒ ආණ්ඩු බලය තියාගෙන ජනාධිපතිවරණයකට එකට යන එක මෝඩ වැඩක්ද ? මේ රට වෙන්න තියෙන විපත් වලක්වන එක අනුවණකමක්ද ? රටට වෙන්න තියෙන විනාශ ඔක්කොම වෙන්න ඉඩ ඇරල අන්තිමට රට ගන්න එකද නුවනක්කාරකම.

ඒක නිසා කාට හරි පේනවනම් පාර්ලිමේන්තුවේ 113 හදාගෙන බලය ගන්න එක අම්බලමට යාමක් හැටියට ඒක වැරදි චින්තනයක්. වැරදි දැක්මක්. අම්බලමක නෙවෙයි එක එක්කෙනාට එක එක විදිහට ඒක පේන්න පුළුවන්.'' යයි වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

 

'හදිසිකාරයෝ ටිකක් මහින්දව ගොඩඑන්න බැරි වලකට දැම්ම.."

කෙසේවුවද දින 50ක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් සමාජ මාධ්‍ය පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර ඇති අතර ''හදිසිකාරයෝ ටිකක් මහින්දව ගොඩඑන්න බැරි වලකට දැම්මා'''' යයි එමගින් චෝදනා කර තිබේ.

'' බැසිල් ඕවා කලින්ම කිව්වා ..හදිසිකාරයෝ ටිකක් මහින්දව ගොඩඑන්න බැරි වලකට දැම්ම. ඔළුගෙඩි මාරුවලින් කෙටික්‍රම වලින් බලයට එන්න හදන කාටත් මේක හොඳ පාඩමක් '' යයි එම සමාජ මාධ්‍ය සටහන් වල දැක් වේ.

FB 670px 18 12 15

සබැඳි පුවත් :

භාරකාර ආණ්ඩු කතාවෙන් ඒකාබද්ධයත් අවුලක : විමල්ගෙන් බැසිල්ට ප්‍රහාරයක් 

''අතරමග අම්බලම් නැහැ'' : භාරකාර ආණ්ඩුවකට බැසිල් එරෙහිවේ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top