Dec 15, 2018

ගෙවුණු කාලයේ සුහුරු හැඳුනුම්පත් ලක්ෂ 15ක් නිකුත් කරලා ! Featured

වසරේ ගතවු කාලය තුල සුහුරු ජාතික හැදුනුම්පත් ලක්ෂ 15 ක් පමණ නිකුත් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව කියයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් පී. වියානි ගුණතිලක මහතා කියා සිටියේ පුද්ගලයින්ගේ අන්‍යතාව වඩාත් පහසුවෙන් තහවුරු කර ගැනීමට නව සුහුරු හැඳුනුම්පත තුලින් හැකියාව ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් නව ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට බොහෝ දෙනෙකු ඉල්ලීම් කර ඇති බවද වියානි ගුණතිලක මහතා සඳහන් කළේ.

පළමු වරට නවීන තාක්ෂණයෙන් සමන්විත සුහුරු ජාතික හැදුනුම්පත හදුන්වාදෙනු ලැබුවේ 2017 වසරේ ඔක්තෝම්බර් 27 වැනිදාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top