Dec 15, 2018

මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියට මිට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇති බව වාර්තා වේ. ඒ ඔහුගේ විජේරාමේ පිහිටි නිල නිවසේදීය.

අද (15) උදෑසන මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර හමුවක්ද පැවැත්වූ අතර එහිදී සිය ඉල්ලා අස්වීම පිලිබදව නිල වශයෙන් මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අද දිනය තුලදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.

එම අවස්ථාවට ඔහුට සහය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top