Dec 15, 2018

'හවුල් නැහැ. එජාපෙ ආණ්ඩුවක්' !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී පිහිටුවීමට නියමිත නව ආණ්ඩුවට එක්වීමේ සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසිය.

අරලියගහ මන්දිරයේ අද (15) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එබව කියා සිටියේය.

කෙසේවෙතත් කණ්ඩායමක් ලෙස ඔවුන් නව ආණ්ඩුවට එක්කර ගැනීමේ සූදානමක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

කකුලෙන් ඇදපු අය අළුත් ආණ්ඩුවට ?

මේ අතර අද පෙරවරුවේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ජයවර්ධනපුර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ වීදි නායකයින්ගේ රැස්වීමේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා, ''අපිට විරුද්ධව වැඩ කරපු අපේ කකුලෙන් ඇදපු අය අළුත් ආණ්ඩුවට එක්කර ගත යුතුද? කියා විමසා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top