Sathosa

Dec 15, 2018

''ජාතික ආණ්ඩුවකට උත්සාහ කළොත් එය පරාජය කරනවා'' -ජවිපෙ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දුර්වලතා උපයෝගී කරගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ තනි මන්ත්‍රීවරයා සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළහොත් එය පරාජය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (16) පස්වරුවේ කොළඹ පැවති රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෛත්‍රී - මහින්ද හවුලේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගූ, ප්‍රතිශීලී සියළුම සංවිධාන, පුද්ගලයන් ඒකරාශී කරගනිමින් “කුමන්ත්‍රණය පරාදයි සැබෑ ජනතා ජයග්‍රහණයකට පෙළගැසෙමු” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ උද්ඝෝෂණ රැලිය අද කිරුළපනදී පැවැත් විය.

එහිදි අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ කිසිඳු පාර්ශවයකට ව්‍යවස්ථාව උල්ලංඝනය කල නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පැහැදිලිව ඔප්පු වන බවයි.

පසුගිය ඔක්තොම්බර් 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතාමත් නීතිවිරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් දියත් කළ කුමන්ත්‍රණයට එරෙහිව එම මොහොතේ සිට ජනතා විමුක්ති පෙරමුණ හඬනැගූ අතර මේ මොහොත වන විට පාර්ලිමේන්තුව තුළත්, අධිකරණ ක්‍රියාමාර්ග හරහාත්, මහ පාරේත් සිදු කළ අරගලයකින් පසු එම කුමන්ත්‍රණය පරාජයට පත් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top