Dec 16, 2018

''ඇතුලේ උන් කිහිප දෙනෙක් මහින්දව කෑවා'' - කුමාර වෙල්ගම කියයි Featured

මහින්ද රාජපක්‍ෂ මහතාට මේ අපරාධය කලේ ජනපති මෛත්‍රීගෙන් පණිවඩුයක් ගෙන ශ්‍රී ලනිපයෙන් ආ කිහිප දෙනෙකු හා ඇතුලේ උන් කිහිප දෙනෙකු විසින් යයි සන්ධාන පාර්ලිමේන්ත මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඕනෑම මැතිවරණයක් ඉහලින්ම දිනන්නට හැකියාවෙන් සිටි මහින්ද රාජපපක්‍ෂ මහතා දැන් බිමට ඇද දමා ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අගමැති ධුරයෙන් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පල කලේය.

'ජනාධිපතිටත් ප්‍රශ්නයක් මතුවිය හැකියි'

මේ අතර කුමාර වෙල්ගම මහතා ‘දිවයින ඉරිදා ' පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින්, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කළ නිසා රට අරාජික තත්ත්වයට පත්වුණු බවත් දැන් එතුමා එම තනතුරෙහි සිටීමෙන් ඉදිරියට ප්‍රශ්නයක් මතුවිය හැකි බවත් ප්‍රකාශ කර තිබේ.

ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා නිවැරදිව ක්‍රියා නොකිරීම මඟින් හෙතෙම රටට බලවත් වැරැද්දක් කර ඇති බව ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපතිවරයාට ද දැන් විසඳුමක් ලබාදිය නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද එබැවින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී විපක්‍ෂයට යෑම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඒ මහතා කියා සිටියි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top