Dec 16, 2018

රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කර රට සංවර්ධනය කරනවා - අගමැති (වීඩියෝ)

අග්‍රාමාත්‍යවරයා ලෙස පස්වැනි වරට දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති කිහිපය තුළ රටේ පසුගාමී තත්ත්වයක් උද්ගත වූ බව අරලිය ගහ මන්දිරයේ දී සිය පාක්ෂිකයන් හා සාමාජිකයන් අමතා ප්‍රකාශ කළේය.

රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමින්, රටේ සංවර්ධනය යලිත් ලබල දෙන්න ඇපකැප වෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම එක්සත් ජාතික පාක්ෂිකයන් හා උදව් උපකාර කළ සියල්ලන්ටම ස්තුතිය පළ කළ ඒ මහතා දීර්ඝ කතාවක් සිදුකරමින් ඉදිරි වැඩ පිළිවෙල ගැන ඉදිරියේ දී සඳහන් කරන බව ද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව‍

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top