Dec 16, 2018

ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ඉන්දියාවේ ප්‍රසාදයට

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ඉන්දයාව පිළිගන්නා බවත් ඉදිරියටත් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කර ගැනිමට කටයුතු කරන බවත් ඉන්දියාව සඳහන් කරයි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්විමෙන් අනතුරුව ඉන්දීය විදෙශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

ඔක්තෝබර් 26 දා ඇති වූ දේශපාලන අර්බුදයෙන් පසුව ඉන්දියාව විසින් නිකුත් කළ පළමු නිල නිවේදනය මෙය වෙයි.

“ඉන්දියාවේ අසල්වැසි සත්‍ය මිතුරෙක් ලේස ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ඉන්දියාව පිළිගන්නවා. මෙය සෑම පරිතත දේශපාලන ප්‍රවාහයකම පූර්ණත්වය පෙන්වනක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහි ආයතනවල ස්ථාවරත්වය පෙන්න්නක්.

ශ්‍රී ලංකාවේ ජනතාභි මුඛ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දීය දායක්තවත්වය අඛණ්ඩව ලබාදෙනවා. අපි විශ්වාස කරනවා ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ඉදිරියට ගමන් කරාවි කියා” යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රවීශ් කුමාර් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

(අද)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top