OPEN

#

OPEN

#

Dec 16, 2018

බැසිලුත් ජාතිබේදය උසිගන්වයි !

පසුගිය දින 50 ක කාලය හිටපු ජනාධිපතිවරයා රට පාලනය නොකළේ නම් මේ වනවිටත් රට කෑලි 9 කට බෙදී වෙන්වී අවසන් බව පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද පවසයි.

ජාති භේදයට හා ආගම භේදයට එරෙහිවුවකු සැලකෙන ඔහු මෙසේ අන්තවාදී ප්‍රකාශයක් කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද එක්වෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලසීමාව මෙරට මහජනතාවට වාසිදායක වූ කාලසීමාවක් බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

දින 50ක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පරාජයට පත්වීමෙන් පසු රාජපක්ෂවාදීන් මේවනවිට ජාතිබේදය උසිගන්වමින් සිටිති.

තමන් මෙතෙක් දැරූ බව පැවසෙන අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ උත්සවයෙන් අනතුරුව ඊයේ (15) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ, රනිල්ගේ ආණ්ඩුව පාලනය කිරීමේ 'රිමෝට්' එක දෙමල ජාතික සන්ධානය අතට පත්ව ඇතැයි කියාය.

සබැඳි පුවත් :

'TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන' - මහින්ද'TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන' - මහින්ද

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top