photographic 2
Dec 16, 2018

පොලිසිය ජනාධිපති යටතට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහු යටතේ තබා ගැනීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන‌යේ 51 වගන්තිය අනුව ජනාධිපතිවරයාට තබා ගත හැක්කේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසරය අමාත්‍යාංශ පමණක් බවයි.

ජනාධිපතිවරයා තවදුරටත් ව්‍යවස්ථාව කඩකරමින් කටයුතු කළහොත් යලිත් වරක් ඒ සම්බන්ධයෙන් අධිකරණයට යාමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top