Dec 17, 2018

විපක්ෂ නායක ධුරය : ''ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා'' - සම්පන්දන් Featured

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ඊයේ (16දා) උතුරේ මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසුව තනිකරම එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමට ගන්නා උත්සාහය තුළ විපක්ෂ නායක ධුරය පිළිබඳව ප්‍රශ්නයක් පැන නඟින බව උතුරේ මාධ්‍යවේදීන් සම්පන්දන් මන්ත්‍රිවරයාගෙන් විමසූ විට ඔහු එසේ පවසා තිබේ.

විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ ද පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය මත නිසා එම පදවිය හිමිවිය යුතු පක්ෂයට එය හිමිවීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බව පැවැසූ සම්පන්දන් මහතා තමන් කිසි විටෙකත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව කටයුතු කිරීමට උත්සාහ නොකරන බවද උතුරේ මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

DineshGunawardhana 670px 20 01 18''විපක්‍ෂ නායක ලෙස මහින්ද පිළිගන්නැයි කථානායකගෙන් ඉල්ලීමක් කරනවා'' - දිනේෂ් ගුණවර්ධන

 

MahindaR 670px 18 11 16

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගන්නැයි කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරන බවයි.

විපක්‍ෂනායක ධුරයට මහින්ද රාජපක්‍ෂ මහතා පත්කළ යුතු බවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඒකමතිකව තීරණය කළ බවත් ඒ පිළිබඳව සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් කථානායකවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නා බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

විපක්‍ෂය නියෝජනය කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මන්ත්‍රීධුර 101 ක්‌ ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top