Dec 17, 2018

පෝරක ලයිස්තුවක් ජනපතිට !

මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

එම පිරිසෙන් 8 දෙනෙකුට අධික පිරිසක් මරණ දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනා අතුරින් දෙදෙනෙකු පාකිස්ථාන ජාතිකයින් වන අතර කාන්තාවක්ද එම ලයිස්තුවේ සිටී.

මීට පෙර ද මරණ දඬුවම ලබා සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් ජනාධිපති කාර්යාලයට යොමු කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top