Dec 17, 2018

අගමැති රනිල්ට සංඝරත්නයේ ආශිර්වාදය (ඡායා)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) දින අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසුව කොල්ලුපිටිය, වාලුකාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවෙමින් මහා සංඝ රත්නය ආශිර්වාද ලබාගනු ලැබීය.

කොල්ලුපිටිය වාලුකාරාම විහාරය ඇතුළු පංච මහා විහාරස්ථානාධිපති මහරගම නන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වැඩසටහන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට මහා සංඝ රත්නය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක් සහභාගි වී සිටියහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top