Dec 17, 2018

පොලිස් පොඩ්ඩන් විසි අට දහසකට උසස්වීම් Featured

පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් විසි අට දහසකට ළඟදීම උසස්වීම් ලබාදීමට නියමිත බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියයි.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා වූ පහළ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මෙම උසස්වීම් ලබාදීමට නියමිත බවද ඔහු කියා සිටී.

පසුගියදා පහළ ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් උසස්වීම්වලින් සියයට හැටක්ම ලබාදී ඇත්තේ ජනාධිපති, අගමැති, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට හා විශේෂ විමර්ශන ඒකකවල සේවය කරන අයටය.

ඉතිරි සියයට හතළිහ පොලිස් කොට්ඨාස 42ක නිලධාරීන්ට ලබාදීම නිසා එම නිලධාරීන්ට අසාධාරණයක් වී ඇති බව කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය පවසයි.

කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මහා රැස්වීමේදී පොලිස්පතිවරයා ඉහත ප්‍රකාශය කර තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top