OPEN

#

OPEN

#

Dec 18, 2018

ලංගම රියදුරු කුඩු සමඟ මාට්ටු

හිඟුරක්ගොඩ මැදිරිගිරිය සහ පොළොන්නරුව ප‍්‍රදේශවලට කුඩු ප‍්‍රවාහනය කර අලෙවි කළ මැදිරිගිරිය කොළඹ රාත්‍රී ලංගම බස් රථ රියදුරා කුඩු පැකට් 15ක් (ග‍්‍රෑම් 2 මිලි ග‍්‍රෑම් 800) සමඟ අද (18) අලුයම දිවුලන්කඩවල ප‍්‍රදේශයෙදී අත්අඩංගුවට ගත්බව මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසේන්පුර ඩිපෝවට අනුයුක්තව මැදිරිගිරිය කොළඹ රාත්‍රී බස් රථයේ සේවය කළ බුද්ධයාය ප‍්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය කියයි.

මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති වෙත ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජී ධම්මික වීරසේකර මහතාගේ නියෝග පරිදි මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා අද හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත තිබුණි.

ඩබ්. ඒ පියතිලක - හිඟුරක්ගොඩ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top